කාලගුණය ගැන අනතුරු ඇඟවීම් සිතියම නිකුත් කරයි
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ පවතින තද සුළං තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (16) පෙරවරුවේ සිට හෙට (17) දින පෙරවරු 8.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඉන් පෙන්වා දෙන්නේ දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු මැද, උතුර සම නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් අවධාරණය කරනවා.
