මාලිංගගේ නම සඳහන් පුවරු ක්‍රීඩාංගනයට ගෙන ඒම තහනම් ! නිළධාරීන්ගෙන් මාධ්‍යටත් දැඩි නීති
සැබෑ දක්ෂයෙක්ව කවදාවත් යටපත් කරන් ඉන්න බෑ. ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට ගන්න කියලා කරපු විරෝධතාවක් ගැන පුවත් වාර්තා වුණා. මේ පුවත් දැක්ක ගොඩක් අය කිව්වේ තරඟය අතරදී රූපවාහිනියෙන් මේ විරෝධතාව පෙන්නුවේ නැත්තේ ඇයි කියලා.
මේ ගැන හොයලා බලද්දී හෙළිවුණේ ක්‍රිකට් බලධාරීන් “ Criket 10 ” නාලිකාවේ කැමරාකරුවන්ට විරෝධතාකරුවන්ව පෙන්වන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා.
ඒ වගේම මාලිංගගේ නම සඳහන් පුවරු ක්‍රීඩාංගණයට ගේන්න දෙන්න එපා කියලත් දැනුම දීලා තියෙනවා.
ඒ නිසා සමහර පුවරු ක්‍රීඩාංගණයෙන් හොයා ගත්තා. ඒවා කඩදාසි වල තමයි ලියලා තිබුනේ.