පාපුවරුවේ ගමන් කළ තරුණයා බසයටම යට වෙයි ! | Colombocall පාපුවරුවේ ගමන් කළ තරුණයා බසයටම යට වෙයි ! - Colombocall

Hot News

පාපුවරුවේ ගමන් කළ තරුණයා බසයටම යට වෙයි !






වලස්මුල්ල හක්මන ප්‍රධාන මාර්ගයේ මුදුන මංසන්ධියේ බස් රථයක ගමන් ගත්   පුද්ගලයකු පාපුවරුවේ ගමන් කරමින් සිටියදී බසයෙන් වැටි මිය ගොසින් තිබෙනවා .

මෙලෙස මිය ගොස් ඇත්තේ හක්මන ප්‍රදේශයේ 29 හැවරිදි තරුණයකු වන අතර මෙම සිද්ධිය ඊයේ පස්වරුවේ සිදුවී ඇති අතර බස් රථයෙන් වැටුන මෙම පුද්ගලයා රථයේ පිටුපස රෝදයට යටවී මරණුවට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කලේ .

මෙලෙස නොසැලකිලිමත්කම නිසා දිනකට රිය අනතුරු හෝ වෙනත් අනතුරු වලින් තරුණ ජීවිත බොහොමයක් අපට අහිමි වෙනවා. එමනිසා ප්‍රවේශම්සහගතව ගමන් කිරීමට අප සියළු  දෙනාම මතක තබාගත යුතුයි.