ඥානසාර හිමියන්ගේ සැත්කම අද! | Colombocall ඥානසාර හිමියන්ගේ සැත්කම අද! - Colombocall

Hot News

ඥානසාර හිමියන්ගේ සැත්කම අද!



බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවල හටගත් ආබාධයක් හේතුවෙන් උන්වහන්සේ ඉකුත්දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණා. උදරයේ වේදනාවක් හටගැනීම හේතුවෙන් එලෙස ඇතුලත් කර තිබුණු අතර එයට අදාළ ශල්‍යකර්මය අද (13) දිනයේදී සිදු කිරීමට නියමිතයි. පෙර පරීක්ෂණ තුලින් උන්වහන්සේගේ උදරය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් කළ අතර, වකුගඩුවල ගල් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කළා.

මේ අතර පසුගියදා අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේට වසර 19 බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන ලෙස ලබාදුන්නේය. මෙම තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු වන ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න ඇතුළු විනිසුරු මඬුල්ලක් හමුවේ නියම කෙරුනා.