මාලිංග ගැන විශේෂ හෙළිදරව්ව මෙන්න ! | Colombocall මාලිංග ගැන විශේෂ හෙළිදරව්ව මෙන්න ! - Colombocall

Hot News

මාලිංග ගැන විශේෂ හෙළිදරව්ව මෙන්න !





ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත ඕවර තරඟ වලදී  දිගින් දිගටම පරාජයට ලක්වීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග පැවති තෙවන එක්දින තරඟය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා පිල මෙම තරඟාවලියත් පරාජයට පත්වූ අතර පසුගිය වසර 3කට අසාන්න කාලයේදී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් එක්දින තරඟාවලියක් පමණයි.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට හේතුව කඩුලු දවාගත හැකි පන්දු යවන්නෙක් නොමැති වීම බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම විචාරතකයන්ගේද මතය වී තිබෙනවා.ඔවුන් බොහෝ දෙනා පවසන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කණ්ඩායමට එක්විය යුතු බවයි.
මේ පිළිබඳව ඊයේ තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර  අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ලෝක කුසලානය සඳහා මාලිංග යොදා ගැනීමට ඉඩ තිබෙන බවත්, ‘ලොකු පික්චර්‘ එකේ මාලිංග සිටින බවත්ය.එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන විස්සයි 20 තරඟයටද මාලිංග ක්‍රීඩා කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළා.