නැවතත් ඉන්ධන මිලෙහි වෙනසක්
මෙම සතිය තුල ඉන්ධන මිලෙහි නැවතත් වෙනස්කම් සිදුවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරනවා.
පසුගියදා හදුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙලෙස සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කරනවා. අවසන් වරට ඉන්ධන වෙනසක් කෙරුණේ ඉකුත් ජූලි මස 10 වනදායි.
මෙම ප්‍රකාශිත ඉන්ධන මිල සූත්‍රය කුමක්ද යන්න රටට ප්‍රසිද්ධ කරන ලෙස පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද කළ විමසීමකදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විධිමත් ඉල්ලීමක් කර ඕනෑම අයෙකුට මිල සූත්‍රය ලබාගත හැකි බවයි.