ඇමති ෆොන්සේකාට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් කනේ පහරක් | Colombocall ඇමති ෆොන්සේකාට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් කනේ පහරක් - Colombocall

Hot News

ඇමති ෆොන්සේකාට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් කනේ පහරක්





පසුගියදා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශය විශේෂ කාර්ය බලකායේ යුද ආබාධිත රණවිරු සංගමය විසින් හෙලා දැක තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක් බව අමාත්‍යවරයා එම ප්‍රකාශයෙන් කියා සිටියා.

ජනපති වෙත ලිපියක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය මිනිස් හදවත් තුල විශ්වාසය දිනා ගනිමින් විනය ගරුක ලෙස රාජකාරි සඳහා කැපවී සිටින බවයි. මෙරට මෙන්ම විදේශ රටවලද පිළිගන්නා අතුරු හමුදා සේනාංකයක් තමන් සතුව ඇති බව එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් වැනි ජේෂ්ඨ අත්දැකීම් ලත් පොලිස් නිලධාරියෙකු නායකත්වය දෙන පොලිස් විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක් නොවන බව ඔවුන් සඳහන් කර සිටියා.

එම ලිපිය පහතින්