කතරගම නාහිමි යළිත් රෝහල් ගත කෙරේ
කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් යළිත් ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇත.
ඉකුත්දා සිදු වූ වෙඩි තැබීම් සිද්දිය පාදක කොට ගනිමින් උන්වහන්සේ නැවතත් රෝගී වීම හේතුවෙන් මෙලෙස ඇතුළත් කරනු ලැබුවා.
ඉකුත්දා ජූනි මස 12 වැනි දින කිරිවෙහෙර පූජා භූමියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් අසාධ්‍ය වූ නාහිමියන්ගේ දකුණු පාදයේ මෙන්ම උදරයේ සහ කළව ප්‍රදේශයේ ආබාධ තත්වයක් මතුව ඇති බවයි වාර්ථාවන්නේ.
වෙඩි වැදීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ පසුව සුවය ලබා දින කිහිපයකට පසු ඉන් පිටව ගියා.