මන්නාරමේ සමූහ මිණීවළ ගැන හොයන්න BBC යෙන් ලංකාවට ඇවිත් ! | Colombocall මන්නාරමේ සමූහ මිණීවළ ගැන හොයන්න BBC යෙන් ලංකාවට ඇවිත් ! - Colombocall

Hot News

මන්නාරමේ සමූහ මිණීවළ ගැන හොයන්න BBC යෙන් ලංකාවට ඇවිත් !





මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන මන්නාරම සමූහ මිනී වළ දෙසටයි. මෙහි කැණීම් කටයුතු ආශ්‍රිතව වීඩීයෝ පටයක්‌ නිර්මාණය කිරීම සඳහා බී.බී.බී. රූපවාහිනියේ පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. සිවුදෙනෙකුගෙන් යුත් බීබීසී රූපවාහිනී කණ්ඩායම ඊයේ (06) දහවල් මන්නාරමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල ස්ථානයේ සිදුකරන කැණීම් කටයුතු රූගත කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගෙන ඇති අතර ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ චැනල් ෆෝ චිත්‍රපටයට සමානව තවත් චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට බවද  ආරංචි මාර්ග පවසනවා.

මෙම කණ්ඩායම ඊයේ පස්වරුවේ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා හමුවී කැණීම් කටයුතුවල තොරතුරු සහ හමුවූ අස්‌ථි කොටස්‌වල ඇති සලකුණු ගැනද ප්‍රශ්න කර තිබෙනව බවයි වැඩිදුරටත් එම ආරංචි මාර්ගවල සඳහන් වන්නේ.