ATM යන්ත්‍ර සඳහා සයිබර් ප්‍රහාරයක් නිකුත්වෙයි! | Colombocall ATM යන්ත්‍ර සඳහා සයිබර් ප්‍රහාරයක් නිකුත්වෙයි! - Colombocall

Hot News

ATM යන්ත්‍ර සඳහා සයිබර් ප්‍රහාරයක් නිකුත්වෙයි!





ඇමෙරිකානු එෆ්බීඅයි රහස් ඔත්තු සේවය ලොව පුරා බැංකුවල ATM යන්ත්‍රවලට ඉදිරි දිනවලදී සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවයි.

මෙම සයිබර් ප්‍රහාරය ලොව පවතින ලොකු කුඩා ඕනෑම බැංකු ATM යන්ත්‍ර සඳහා එල්ල විය හැකි බවට ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ATM cash out නම් වන ජාත්‍යන්තර මුල්‍ය ජාවාරම් සංවිධානයක් විසින් මැල්වෙයා ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට හෙළිවීම සමගම මෙම නිවේදනය නිකුත් කල බවයි එෆ්බීඅයි රහස් ඔත්තු සේවය පවසන්නේ. මෙය ක්‍රියාත්මක වුවහොත් ලොව පුරා බැංකුවල පවතින ගිණුම් තුලින් මිලියන ගණනින් මුදල් අතුරුදන් විය හැක. එමනිසා එයට ආරක්ෂක පියවරක් ලෙස කඩිනමින් තම ගිණුමේ pin අංකය යාවත්කාලීන කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.