ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39ක් මරුට | Colombocall ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39ක් මරුට - Colombocall

Hot News

ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39ක් මරුට




ආයුධ ගබඩාවක් පිපිරීම හේතුවෙන් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් 12 දෙනෙකු ද මියගිය අය අතර සිටින බවයි විදෙස් මාධ්‍ය දන්වා සිටියේ.

මෙම සිද්ධියෙන් පසුව බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද, එමනිසා අනතුරින් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව සිරියානු බලධාරීන් නිවේදනය කර සිටියා.

සුන්බුන්වලට සිරවී සිටි තවත් පුද්ගලයන් 10 දෙනෙකු බේරාගෙන තිබෙනවා. පිපිරීමෙන් ආයුධ ගබඩාව තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ආයුධ ගබඩාව, ආයුධ ජාවාරම්කරුවකුට අයත් වූවක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් ගොඩනැගිල්ල පිපිරී යාමට හේතුව මේවන විටත් හෙළි වී නොමැත.