රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3 ක් හදිස්සියේ වසා දමයි | Colombocall රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3 ක් හදිස්සියේ වසා දමයි - Colombocall

Hot News

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3 ක් හදිස්සියේ වසා දමයි







රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් හදිස්සියේ වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ සිසු සිසුවියන් අතර, පැපොල රෝගය පැතිරයාම හේතුවෙන්.

ඒ අනුව මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර,  ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ ලබන මස 26 වනදා දක්වා වසා තැබෙනු ඇතී.

විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන කියා සිටියේ මෙලෙස වසා දැමුණු පීඨ තුනේ සිසු සිසුවියන් 44 දෙනෙකුට වැඩි පිරිසක් සිටින බවයි. එමෙන්ම තවත් සිසුන් පිරිසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරුවී ඇති බවටයි වාර්තාවන්නේ.