ඖෂධ වර්ග 25 ක මිළ අඩු කරන බවට රාජිතගෙන් ප්‍රකාශයක් ! | Colombocall ඖෂධ වර්ග 25 ක මිළ අඩු කරන බවට රාජිතගෙන් ප්‍රකාශයක් ! - Colombocall

Hot News

ඖෂධ වර්ග 25 ක මිළ අඩු කරන බවට රාජිතගෙන් ප්‍රකාශයක් !







අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල අඩුකරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

එතුමන් තවදුරටත් ප්‍රකාශ කලේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව මෙම අත්‍යාවශ්‍ය ඖෂද වර්ග 25ක මිල අඩුකරන බවටයි.

එබැවින් ජිවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සදහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.