ගෝඨාභය රාජපක්ෂට නොතේසි ! කවුද 2020 එන්නේ ! | Colombocall ගෝඨාභය රාජපක්ෂට නොතේසි ! කවුද 2020 එන්නේ ! - Colombocall

Hot News

ගෝඨාභය රාජපක්ෂට නොතේසි ! කවුද 2020 එන්නේ !




ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රරකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කරන ලදී.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටය.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එම ආයතන වල අධ්‍යක්‍ෂවරු සහ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කොට ඇත.

ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබන 23 වැනිදාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන්  හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.