2020 ඉන්දියාවේ සහයෝගය ගන්න මහින්ද රහස් ගිවිසුමක් අත්සන් කරයි - VIDEO - | Colombocall 2020 ඉන්දියාවේ සහයෝගය ගන්න මහින්ද රහස් ගිවිසුමක් අත්සන් කරයි - VIDEO - - Colombocall

Hot News

2020 ඉන්දියාවේ සහයෝගය ගන්න මහින්ද රහස් ගිවිසුමක් අත්සන් කරයි - VIDEO -





භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට ඊයේ (22) පැමිණ තිබුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාව ප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහාත් ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳහා ආරාධනා කිරීමටත් ඔහු මෙසේ මැදමුලනට පැමිණි බවයි සඳහන් වෙන්නේ.

 ස්වාමි මහතා පිළිගැනීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව ආරංචි මාර්ග පවසනවා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හා සුබ්‍රමනියම් ස්වාමි මහතා අතර රහස් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන අතර, එම සාකච්ඡාවේදී 2020 ජනාධිපතිවරණයේදී ඉන්දියාවේ අනුග්‍රහය ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුමක් ද අත්සන් කර ඇති බවට ආරංචි ලැබී තිබෙනවා.