"මොරගහකන්ද මහින්දගේ වැඩක් " මෛත්‍රී කියයි ! -VIDEO- | Colombocall "මොරගහකන්ද මහින්දගේ වැඩක් " මෛත්‍රී කියයි ! -VIDEO- - Colombocall

Hot News

"මොරගහකන්ද මහින්දගේ වැඩක් " මෛත්‍රී කියයි ! -VIDEO-




මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට වසර කිහිපයකට පෙර සිදුකරන ලද ප්‍රකාශයක් දැක්වෙන වීඩියෝවක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ නැවත කතා බහට ලක් වීමක් ආරම්භ වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ පිළිබඳ ඉතා ගරු සරු ඇතිව වර්ණනාත්මකව මෛත්‍රීපාල මහතා කරුණු විග්‍රහයක් මෙහිදී සිදු කරනු ලබනවා.

අප දන්නා මොරගහකන්ද ( කුලසිංහ ) ජලාශය පවා මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘති බව මෙහි ප්‍රකාශ වෙනවා.
රාජපක්ෂ නාමයට එකළ තිබූ යටහත්පහත් භාවය නිසා එසේ සිදු කළේ ද , එසේත් නොමැතිනම් සැබවින්ම එය මහින්ද මහතාගේ අවශ්‍යතාවයක් මත සිදු කරන ලද්දක්ද යන්න තේරුම් ගැනීම උගහට ය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ මෛත්‍රී යනු දිව දෙකේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයකු බවයි.

මෛත්‍රීගේ එම ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් නරඹන්න.