සුරූපී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව සංගාට වහ වැටෙයි ! (Photos) | Colombocall සුරූපී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව සංගාට වහ වැටෙයි ! (Photos) - Colombocall

Hot News

සුරූපී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව සංගාට වහ වැටෙයි ! (Photos)









ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්මිරිති මන්දනා ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්ව තිබෙන්නේ ඇයගේ සුන්දරත්වය නිසා. සුන්දරත්වයෙන් මෙන්ම දක්ෂතාවයෙන්ද අඩුවක් නැති මන්දනා පසුගියදා පැවති තරගයකදී ලෝක වාර්තාවක්ද තැබූවා.

ඒ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් විසින් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය රැස් කර ගනිමින්. මේ සදහා මන්දනාට වැය වී තිබුනේ පන්දු 18ක් පමණයි. කෙසේ වෙතත් කලක පටන් ස්මිරිති මන්දනාගේ සිහිනය වී තිබුනේ ඇයගේ ප්‍රියතම ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර හමුවීමයි.

එම සිහිනයද ඇය ඊයේ (29) සැබෑ කරගෙන තිබුනා. ඒ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබන මන්දනා පවසා තිබුනේ

" මේ අවස්තාවේ සතුට කොපමනදැයි මට කියන්න බෑ, මේ මතකය මගේ ජීවිතය පවතින තුරාවටම පවතීවි" යනුවෙනි.