පාපතරයන් විනාශ කළ බස් රථයට නැවත පණ දෙයි ! (PHOTOS) | Colombocall පාපතරයන් විනාශ කළ බස් රථයට නැවත පණ දෙයි ! (PHOTOS) - Colombocall

Hot News

පාපතරයන් විනාශ කළ බස් රථයට නැවත පණ දෙයි ! (PHOTOS)





ගම්පහ ප්‍රදේශයේ සේවයේ යොදවා තිබූ බස් රථයක් විනාශ කරමින් නරුමයකු සිදු කළ ක්‍රියාවක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වුණා.

එම බස් රථයේ හිමිකරුගේ පුතු තම ෆේස්බුක් ගිණුම තුළින් තමන්ගේ පියාට වූ අවනඩුව සමාජයට මුදාහැර තිබුණේ ඉතාමත් කලකිරීමෙන්. එය දුටු බොහෝ දෙනෙකු ඒ පිළිබඳ දුක් වෙමින් තම අදහස් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් යළි තම බස් රථය යථා තත්වයට පත් කිරීමට වෙහෙසෙමින් දිවා රාත්‍රී නොබලා කටයුතු කළ බව ආරංචි මාර්ග කියා සිටිනවා.
එසේ දින ගණනකින් පසු තම බස් රථයේ ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

විනාශ වූ බස් රථයේ ඡායාරූප සහ මේ වන විට  නැවත යථා තත්වයට  පත් කරමින් තිබෙන බස් රථයේ තත්වය එයින් මනාවට දැකගත හැකි වෙනවා.

තවද ඔවුන් පෙර නොතිබූ උපාංග කිහිපයක් ද මෙම රථය වෙත එකතු කර තිබෙනවා.