ෆොන්සේකා තම අමාත්‍යංශයේ බිලියන ගාණකට තට්ටු කරන්නට සැරසෙයි ! ( EXCLUSIVE) | Colombocall ෆොන්සේකා තම අමාත්‍යංශයේ බිලියන ගාණකට තට්ටු කරන්නට සැරසෙයි ! ( EXCLUSIVE) - Colombocall

Hot News

ෆොන්සේකා තම අමාත්‍යංශයේ බිලියන ගාණකට තට්ටු කරන්නට සැරසෙයි ! ( EXCLUSIVE)







"අලි-මිනිස් ගැටුම", වර්තමානයේ දැඩි අර්බුදයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම,වනාන්තර විනාශ කිරීම නිසා, අලින්ට තිබූ වාසස්ථාන විනාශ  වීමත්,මේ හේතුවෙන් ඔවුන් ආහාර සදහා වගාබිම් කරා පැමිණීමත් මෙයට හේතුවයි.

මේ හේතුවෙන්,ගොවියාගේ වගාබිම් වලට සිදුවන හානිය මිල කල නොහැකි අතර,ඇතැම් විට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ගොවියාට සිදුවෙනවා.අනික් අතින් ලංකාවේ අලි ගහණය සීඝ්‍රයෙන් අඩුවී යාමේ තර්ජනයට අප මුහුණ පාන්නේද,මෙම අලි මිනිස් ගැටුම හේතු කරගෙනයි.කෙසේ වුවද, මෙම අර්බූදය අවම කරගැනීම සදහා, විදුලි වැටවල් යෙදීම වර්තමානයේ එකම විසදුම බවට පත්වෙලා තියෙනවා.නමුත්, ඒ සදහා අධික වියදමක් දැරීමට සිදුවන බව පවසමින් නිලධාරීන් සහ මේ වෙනුවෙන් වගකීම දරන්නන් මැළි වන බවක් පසුගිය කාලය පුරාම අසන්නට තිබුණි.

විවිධ සංවිධාන වලින් අලි රැකගැනීම උදෙසා කුඩා තාක්ෂණික කරපටියක් හඳුන්වා දීමට කටයුතු සිදු කල ද තවම ඒ පිළිබඳ නිවැරදි ක්‍රියාපටිපාටියක් සැකසී නොමැත.

මේ අතරම පසු ගිය දිනක වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉතා ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සිදු කලේ ය. 
එනම් , තම අමාත්‍යංශය සතුව  බිලියන පහක මුදලක්  තිබෙන බවත් ඊටත් අමතරව ස්ථිර තැම්පතුවක් ලෙස මිලියන 900 ක් තිබෙන බවත් ය.
අප දිනපතා අසන පුවත් තුළ අළි මිනිස් ගැටුම් නොමැති වූ දවසක් නැති තරම් ය. එය එසේ සිදු වී තිබෙන්නේ අලි වැටවල් හෝ වෙනත්  විකල්පයක් තුළින් මෙම ගැටළුව විසඳීමට මහජන මුදල් බිලියන ගණනක් ගිණුම් තුළ තිබිය දීය.

මොණරාගල පැවති රාජ්‍ය උත්සවයක දී මෙම අදහස් දැක්වූ ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ  ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත තමන් මෙම මුදලින් තුනෙන් දෙකකට තට්ටු කරන බවයි.

ඔහුගේ එම තට්ටු කිරීමේ කතාව තුළ සැබවින්ම  ගැබ්වී ඇත්තේ කුමන අදහසක් ද යන්න පිළිබඳ සොයා බැලීමටත් ඒ පිළිබඳ  ප්‍රශ්න කිරීමටත් ඔබටත් මටත් වගකීමක් මෙන්ම අයිතියක් ඇත.

මහින්ද රාජපක්ෂ සමඟ එක්ව යුද්ධය අවසන් කොට ඔහුට එදිරිව ප්‍රතිපක්ෂයෙන් ඡන්දය ඉල්ලීමට තරම් හැකියාවක් තිබුණ ෆොන්සේකාට ජනාතාවගේ බදු මුදලින් අමාත්‍යංශයට වෙන්වී ඇති බිලියන ගණනක් සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමේ හැකියාව පිලිබඳ ඔබම තීරණය කරන්න.මෙවන් තොරතුරු ඔබ හමුවේ තැබීම අපගේ වගකීමයි.