පොලීසියට කට්ටි පනිමින් සිටි ඩීලා කොටුවෙයි.
අපරාධ රැසකට සම්බන්ධ දොන් ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා නොහොත් ඩීලා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සමත් වී තිබෙනවා. එහිදී මෙරට නිෂ්පාදිත ගිණි අවියක්, එයට භාවිත කරන ටී. 56 උණ්ඩ 07ක්, කඩුවක් හා කේරළ ගංජා ග්‍රෑම් 56ක් ද සොයා ගත බවයි පොලීසිය සඳහන් කළේ.
38 හැවැරිදි සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර දීර්ඝ කාලයක් පොලීසිය මගහරිමින් සිටි බවයි සඳහන් වෙන්නේ.කෙසේ වෙතත් ඔහු අද දින හෝමාගම මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.