හදිස්සියේ කටුනායක ගුවන් තොටේ වැඩ නවතී!
Update - මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ තත්වය පින්තූර අප වෙත ලැබුනා.
කුවේට් ජාතික යුවලක් විසින් රේගු නිලධාරීන්ට පහරදිමේ සිද්ධිය මුලික කොටගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හේතුවෙන් රේගුවේ සියලුම ආනයනික නිෂ්කාශන කටයුතු ඇන හිට ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් විරකෝන් මාද්යට ප්‍රකාශ කර සිටියේ.
පසුගිය දා කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවලක් මෙරටට රැගෙන ආ සුනඛයෙක්ව ගුවන් තොටුපලේ රේගු බලධාරීන් විසින් නිදහස් කිරීමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් එම කුවේට් ජාතික යුවල බලෙන් සුනඛයා රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට යාමේදී රෙගු නිලධාරින් හා කුවේට් යුවල අතර ගුටි බට හුවමාරුවක් ඇති උනා. එහිදී රෙගු නිලධාරින් හතර දෙනෙකු රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.