ජිවිත පරදුවට තබා තරුණියකගේ ජිවිතයක් බේරාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ! | Colombocall ජිවිත පරදුවට තබා තරුණියකගේ ජිවිතයක් බේරාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ! - Colombocall

Hot News

ජිවිත පරදුවට තබා තරුණියකගේ ජිවිතයක් බේරාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් !





තම ජිවිත පරදුවට තබමින් තරුණියකගේ ජිවිතයක් බේරා ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පිලිබඳව කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණියක් විශාල පරිශ්‍රමයක් යොදා කටුනායක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරා ගැනීමට සමත් වී තිබීමයි.

රාත්‍රියේ මුර සංචාර රාජකාරියේ නියැලී සිටි පොලිස් සැරයන් පෙරේරා සහ ඔහුගේ සහායක පොලිස් කොස්තාපල් ගයාන් සැක කටයුතු ආකාරයට දුම්රිය මාර්ගය දිගේ ගමන් ගන්නා මෙම තරුණිය පිලිබදව නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ වනවිට කොළඹ සිට හලාවත දක්වා ධාවනය වන රාත්‍රී කාර්යාල දුම්රිය පැමිණෙමින් තිබී ඇති අතර මෙම තරුණිය එම දුම්රියට සමීප වෙමින් සිට තිබියදී නිලධාරීන් දෙදෙනා ඇයට නොදැනෙන ලෙස වෙනත් මාර්ගයකින් ඇය ගමන් ගත් මාර්ගයට පිවිස විදුලි පන්දමක් ආධාරයෙන් දුම්රියේ වේගය අඩාල කරන ලෙස දුම්රිය රියදුරුට සංඥා කර තිබෙනවා. පසුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ තරුණිය වෙත පැන දුම්රිය මාර්ගයෙන් පිටතට ඇයව තල්ලු කර තිබෙනවා. නමුත් දුම්රිය රියදුරා සිතා ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනා දුම්රියේ ගැටෙන්නට ඇති බවයි. ඒ අනුව මද දුරක් ගොස් දුම්රිය නතර කර ගැනීමට දුම්රිය රියදුරුට හැකියාව ලැබී තිබෙනවා.

මෙම තරුණිය කළක් විදේශගතව සිට, දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට කටුනායක ඇගලුම් කම්හලක සේවය කරන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක්.