ගාල්ල ක්‍රීඩාංගනයට වෙන්න යන දේ ගැන ඇමති ගයන්ත පාර්ලිමේන්තුවේදී කියයි | Colombocall ගාල්ල ක්‍රීඩාංගනයට වෙන්න යන දේ ගැන ඇමති ගයන්ත පාර්ලිමේන්තුවේදී කියයි - Colombocall

Hot News

ගාල්ල ක්‍රීඩාංගනයට වෙන්න යන දේ ගැන ඇමති ගයන්ත පාර්ලිමේන්තුවේදී කියයි





ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඇතිවූ විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සාගල රත්නායක මහතා අද (20) පැවසුවේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට මේ දක්වා කිසිදු සූදානමක් නැති බවයි.

ගාලු කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමකට ලක් වීම හේතුවෙන් "ක්‍රියේට් ගෝල්" නගර සැලැස්ම යටතේ කොටු පවුර වටා ඇති මීටර් 400ක ඉඩ සීමාවක ඇති අනවසර ඉඩම් කඩා දැමීමේ සුදානමක් පවතින බව මේ දින තුල කතා බහට ලක්වන පුවතකි. පසුගියදා නාගරික සංවර්ධන අදිකාරිය පැවසුවේ ඉපැරණි ගාලු කොටුව අවට පවතින සියලුම ඉදිකිරීම් මේ වන විට ඉවත් කිරීමට තීරණය කර ඇති බවකි.  ගාල්ල නගරය සංචාරක ආකර්ෂණය අතින් වඩා වැඩි දිවුණු කිරීම සහ නගරය පුළුල් කිරීමටද මෙසේ අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කිරීමට රජයේ ප්‍රදාන ඇමතිවරුන් සහ නිලදාරීන් මෙසේ තීරණය කොට ඇතී බවත් මෙම අනවශ්‍ය ඉදිකිරීම් අතරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයද ඇතුලත් වන බවත් මේ නිසා කොටු පවුරේ ආරක්ෂාවට තර්ජනයක් සිදුව ඇති බව මොවුන් වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටියා.

යුනිස්කෝ සංවිදානය විසින් මෙසේ කොටුපවුරට ඇතිවන තර්ජනය නිසා එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සදහන් කර නිසා ඒ සම්බන්දව සාකච්චා කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පසුගිය 17 දා රැස්ව තිබේ. මෙම සාකච්චාව සදහා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමෙන්තුන්ට අයත් නිලදාරීන් රැසක් සහභාගි වී ඇත. 1998 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය කඩා ඉවත් කිරීමට මෙම සාකච්චාවේදී කතා බහට ලක් නොවූ බවත් කොටු පවුර ආරක්ෂා කර ගැනීම සම්බන්දව පමණක් සාකච්චා වූ බවත් සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වන ජේ.ජේ. රත්නසිරි මහතා මේ පිලිබදව පසුව කල විමසීමකදී පවසන ලදී.

1998 වර්ෂයේ සිට මේ වන විට පැවැත්වූ ටෙස්ට් තරග 31 ක් තුල තරග 18 දීම ලංකාවට ජයග්‍රහණ අත්කරදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉවත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කරනු ලබන බරපතල අපරාදයක් ලෙස ලාංකික ක්‍රිකට් ලෝලීහු අදහස් දක්වති. කෙසේ නමුත් මෙලෙස අනවසර ඉදිකිරීම් ඉවත් කළහොත් ක්‍රිකට් ක්‍රීඩාංගනය පමණක් නොව ගාල්ල පොලිසිය, බස් නැවතුම්පොළ වැනි ප්‍රධාන ඉදිකිරීම්ද ඉවත් කල යුතුවේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉවත් කිරීම සම්බන්දයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධනද තම ට්විටර් ගිණුමට අදහසක් පල කරමින් කියා සිටියේ එම ක්‍රීඩාංගනය ඉවත් නොකරන බවත් එය ඉවත් කිරීම සම්බන්දයෙන් නැවතත් සිතා බලන ලෙසයි.

මෙවැනි ඉදිකිරීම් නිසි වැඩ පිළිවෙලක් යටතේ රජයන් ඉදිකිරීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්දයෙන් සහ ඒවා නිසි ආකාරයට පාලනය නොකිරීමට රජය විසින් ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණකි.

ලෝක සංචාරකයන් ගාල්ල නගරය තුලට පැමිණීමට උණවටුන, හික්කඩුව මුහුදු තිරය මෙන්ම ගාල්ල නගරයේ ඇති මෙම ක්‍රීඩාංගනයද හේතුවක් වන බව සැමගේම නොරහසකි. ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන දිනයන්හිදී ඇති විශාල සංචාරකයන් පිරිසක් ගාල්ල නගරයට පැමිණෙන නිසා බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙම ක්‍රීඩාංගනය නිසා ගාල්ල නගරයට වක්‍ර වශයෙන් ප්‍රචාරයක් හිමි වන බවයි.

පැවැත්වූ තරග අතුරින් වැඩි ප්‍රමාණයක් ලංකාවට ජයග්‍රහණය අත්කරදුන් මෙම භුමිය ඉවත් කිරීම පිලිබදව රජයේ නිලදාරීන් නැවතත් සලකා බැලීම වටිනා කරුණක් බව කිව යුතුමය.