ඇමති දුමින්ද ජවිපෙ සහය පතයි
ඉදිරි මැතිවරණ කටයුතු වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කරනවා. ඊයේ (22) අනුරාධපුර - නාච්චාදූව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම සදහා සහබාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.