ජනපති තමාගෙන් ඉල්ලු දෙයක් ගැන ජොනී අද උසාවියේදී හෙළි කරයි | Colombocall ජනපති තමාගෙන් ඉල්ලු දෙයක් ගැන ජොනී අද උසාවියේදී හෙළි කරයි - Colombocall

Hot News

ජනපති තමාගෙන් ඉල්ලු දෙයක් ගැන ජොනී අද උසාවියේදී හෙළි කරයි





හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට අල්ලස් කොමිසමකින් පවරා තිබුණ වත්කම් සහ බැරකම් නඩුව අද (23) යලි කැඳවු අවස්ථාවේදී එම අමාත්‍යවරයා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වෙත කියා සිටියේ යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අමාත්‍ය ධුරයක් ලබාගෙන රජයට එක්වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාට කළ ආරාධනය ප‍්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන දේශපාලනික පළිගැනීමක් උදෙසා අල්ලස් කොමිසම නඩු පවරා තිබෙන බවයි. මෙම නඩුව එම මහතාට 2010 වර්ෂයේ සිට 2014 දක්වා සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකිරීම සම්බන්ධව අල්ලස් කොමිසම විසින් පවරා තිබුණි. අදාළ නඩුව සම්බන්ධව වැඩිදුර විභාගය ලබන අගොස්තු 28 වැනි දා පැවැත්වීමට නියමිතය.