කුඩු ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් දෙන්න - ජනපතිට ලිපියක් | Colombocall කුඩු ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් දෙන්න - ජනපතිට ලිපියක් - Colombocall

Hot News

කුඩු ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් දෙන්න - ජනපතිට ලිපියක්



ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය හෙරොයින් ජාවාරම්කරුවන්ට සහ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් ලබා යුතු යයි පවසා තිබේ. එම සංවිදානයේ සභාපති වන බුදුගල ජිනවංස හිමියන්ගේ අත්සනින් යුතු ලිපියේ සදහන් වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරනු ලබන මහ මොළකරුවන්ට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි පහසුකම් සහිත නවාතැන් ලබා දීම හාස්‍යජනක කරුනක් බවයි.