අසරණයාට පොලිසියෙන් ගැසූ දඩය ගෙවා නිදහස් කළ උතුම් පොලිස් නිලධාරීන් පිරිසක් මෙන්න !
වදුරඹ පොලිසියේ නිලධාරීන් විසින් පසුගියදා වරෙන්තුකරුවන් ඇල්ලීමේ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබුණා. එහිදී ප්රදේශයේ වරෙන්තුකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් අතර කුලී වැඩ කරමින් තම සිඟිති දරුවා ජීවත් කරවූ පුද්ගලයෙකුද සිට තිබෙනවා. ඔහුගේ බිරිඳ පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබූ අතර ඔහු කුලී වැඩ කිරීමට යන විටදී දරුවා බලා ගෙන තිබුනේ ඔහුගේ මවයි.
රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙකු වී සිටි ඔහුගේ මවද අසනීප වී රෝහල්ගත කර තිබූ අතර ඔහු පොලීසියට පැමිණ තිබුනේද දරුවා සමඟයි. එම අවස්ථාවේදී ඔහු විසින් “අනේ සර් මට ඉන්නේ අම්මා විතරයි. එයත් අසනීප වෙලා ඉස්පිරිතාලේ. මගේ ළඟ දඬේ ගෙවන්න සල්ලිත් නෑ” යනුවෙන් පොලීසියට පවසා තිබෙනවා. පසුව මනුසත් ගුණ දන්නා වඳුරඹ පොලීසියේ පොලිස් නිළධාරීන් විසින් රුපියල් 7500 ක් වූ දඩ මුදල පොලිස් නිළධාරීන්ගේ දෛනික වියදමට ගෙන ආ මුදලින් එකතුකර ගෙවා ඔහු නිදහස් කර තිබෙනවා.
පොලිස් නිළධාරීන්ගේ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන යුගයක වඳුරඹ පොලිසියේ නිළධාරීන් එක්ව සිදුකළ මෙම ක්රියාව සමස්ථ සමාජයේම ඇගයීමට ලක්විය යුතු වනවා.