විදෙස් ගතවීමට සිටි උඩුවේ හිමියන් නැවත කැඳවයි!
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ව ගුවන් තොටුපළ නිලධාරීන් විසින් විදේශගත වීම සඳහා ගුවන් යානයක රැඳී සිටියදි ආපසු හරවා එවා තිබෙනවා. ධම්මාලෝක හිමියන් මස්කට් බලා පිටත්ව යෑම සඳහා අද (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී එම යානයෙන් බස්සවා පිටත් කර යවා තිබූ බවයි සඳහන් වන්නේ.
උඩුවේ හිමියන් හට එරෙහිව ගුවන් ගමන් තහනමක් අධිකරණය මගින් පනවා තිබුණද එය අගෝස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණි. එහෙත් ඊට පෙර මෙලෙස ගුවන් ගතවීමට තැත්කළ නිසා මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත්බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කලේ.