රටම කතා වෙන ටියුෂන් ගුරාගේ ඇත්තම කතාව මෙන්න ! | Colombocall රටම කතා වෙන ටියුෂන් ගුරාගේ ඇත්තම කතාව මෙන්න ! - Colombocall

Hot News

රටම කතා වෙන ටියුෂන් ගුරාගේ ඇත්තම කතාව මෙන්න !







අවුරුදු 18 ට අඩු දැනට අ.පො.ස. උසස්‌ පෙළ ඉගෙනුම ලබන පාසල් දැරියක තම නිවසට කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කර පසුව ඔහුගේ මිතුරෙකුට භාරදී ලිංගික අතවර කිරීමට ඉඩ සලසාදී නිරුවත් දර්ශන වීඩියෝ ගත කර අන්තර් ජාලයට මුදාහල මොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කරන ඉතිහාසය පිළිබඳ ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු සහ මොනරාගල කාර්මික විද්‍යාලයේ බාහිර උපදේශකවරයකු මොනරාගල පොලිස්‌ කොට්‌ඨාසයේ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මොනරාගල කොට්‌ඨාසයේ පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලද තොරතුරක්‌ මත සිදුකළ මෙම පරීක්‍ෂණයේදී අතවරයට ලක්‌වූ දැරියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පට කීපයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

2016 වර්ෂයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වී ඇති දැරිය මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පැවැත්වෙන උපකාරක පන්තියකට ඉතිහාසය පිළිබඳ විෂය හැදැරීමට පැමිණ ඇත. ඉතිහාසය ඉගැන්වූ ගුරුවරයා බිරිඳ නිවසේ නොමැති අවස්‌ථාවලදී දැරිය නිවසට කැඳවාගෙන ගොස්‌ අවස්‌ථා කීපයකදී ලිංගිකව හැසිරී ඇත.

අවුරුදු පහකට පසුව බිරිඳගෙන් වෙන්වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇත. පසුව ඉතිහාසය පිළිබඳ ගුරුවරයා ඉංජිනේරු තාක්‍ෂණය විෂය උගන්වන ගුරුවරයාට ඇය හඳුන්වා දී ඇත.

හෙතෙම ඇය මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට අවස්‌ථා කීපයකදී කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කර ඇත. එම දර්ශන වීඩියෝ ගත කර අන්තර් ජාලයට මුදාහැර තිබේ.

ගුරුවරුන් දෙදෙනා මෙලෙස තම උපකාරක පන්තිවලට පැමිණෙන දැරියන් විශාල පිරිසක්‌ ලිංගික අතවරවලට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිසිය පරීක්‍ෂණ අඛණ්‌ඩව සිදුකරගෙන යයි.

සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන මොනරාගල පොලිස්‌ අධිකාරි කොට්‌ඨාසයේ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක විල්ප්‍රඩ් සිල්වා මහතා සැකකරුවන් සමග දැරියගේ නිරුවත් ඡායාරූප හා ලිංගිකව හැසිරෙන වීඩියෝ පට රැසක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊයේ (25 ) මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.