මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කරයි | Colombocall මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කරයි - Colombocall

Hot News

මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කරයි





ශ්‍රී ලංකාවට ඉදිකිරීම් තාක්ෂණික ක්‍රම විශාල ප්‍රමාණයක් නිර්මාණය කල දුන් ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සිහිපත් කිරීම උදෙසා ජනපති මෛත්‍රීපාල සිරිසේනයන් අද පෙරවරුවේ පැවති උත්සවයකදී මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමට යෙදුනා. මේ අතර මොරගහකන්ද - කළු ගග ව්‍යෘපෘතිය මගින් මෙගාවොට් 25  ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද, මොරගහකන්ද වේල්ලේ කෙළවර නෙළන ලද අඩි 27 ක් උසැති ශෛලමය අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීමද මේ උත්සවයේදී ජනපතිතුමන් අතින් සිදු කෙරුනා. අද දවසේදී මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍ය සහ මොරගහකන්ද කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර 9 ක් දිග උමඟ සහිත ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනපතිවරයා අතින් සිදුකිරීමටද නියමිතයි.