වරාය චීනෙට දුන්න වගේම මත්තල ඉන්දියාවට ! | Colombocall වරාය චීනෙට දුන්න වගේම මත්තල ඉන්දියාවට ! - Colombocall

Hot News

වරාය චීනෙට දුන්න වගේම මත්තල ඉන්දියාවට !




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල ලබන ආදායමෙන් 70% ම පවතින රජය ඉන්දියාවට ලබාදීමට කටයුතු කර ඇති බව විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටිනවා. කොළඹ ඊයේ (23)  පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. තවද ඔහු පෙන්වා දෙන්නේ ගාල්ලේ පිහිටි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කොට අදාළ භූමි ප්‍රදේශය ද ඉන්දියාවට පවරා දීමට කටයුතු කරන බවයි. මත්තල ගුවන් තොටුපල ඉන්දියාව විසින් මිලදී ගැනීමට කටයුතු කර සිටින්නේ වාණිජමය අරමුණු ඉටු කරගැනීමට නොව මත්තල ගුවන්තොටුපලේ පාලන බලය තම සන්තකයට ගැනීම උදෙසා බවත් ඉන්දියාවේ ගුවන්තොටුපලවල් 29ක් පමණ තිබෙන අතර එයින් 18ක්ම මත්තල ගුවන්තොටුපල පිහිටි දේශාංෂක තුලම පිහිටා ඇත්නම් ඉන්දියාවට එහි කිසිදු වාණිජමය වටිනාකමක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.