හදීසි දුම්රිය වර්ජනයක් අද රාත්‍රියේ - වෛද්‍ය වරුන්ගේ වර්ජනයත් ස්ථීරයි | Colombocall හදීසි දුම්රිය වර්ජනයක් අද රාත්‍රියේ - වෛද්‍ය වරුන්ගේ වර්ජනයත් ස්ථීරයි - Colombocall

Hot News

හදීසි දුම්රිය වර්ජනයක් අද රාත්‍රියේ - වෛද්‍ය වරුන්ගේ වර්ජනයත් ස්ථීරයි







අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.ටී. පීරිස් කියාසිටියේ මෙම ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට හේතුවෙන්  මෙම වර්ජනය සිදුකරන බවයි. 

මොවුන් මීට පෙර ද පසුගිය 26 වනදා පස්වරු දෙකේ සිට හතර දක්වා හදිසි වර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබදව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිදුකරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

මේ අතර අගෝස්තු 3 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය ස්ථීරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ තනතුරු 4ක් සඳහා වූ නිළවරණය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස නොපැවැත්වීම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය කියා සිටියේ.