මත්තල මෙන්ම කටුනායක ගුවන් තොටුපලත් පෞද්ගලික සමාගම් වලට ! | Colombocall මත්තල මෙන්ම කටුනායක ගුවන් තොටුපලත් පෞද්ගලික සමාගම් වලට ! - Colombocall

Hot News

මත්තල මෙන්ම කටුනායක ගුවන් තොටුපලත් පෞද්ගලික සමාගම් වලට !




මත්තල ගුවන් තොටුපල මෙන්ම කටුනායක ගුවන් තොටුපලද පෞද්ගලික ගුවන් සමාගමක් බවට පත් කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙනයනු ලබන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසා සිටිනවා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ  මහතා ප්‍රකාශ කොට සිටියේ

“මත්තල ගුවන්තොටුපොළත් හම්බන්තොට වගේම අසාර්ථක ව්‍යාපෘතියක්. හම්බන්තොට වරාය ඉදිකළ යුතුව තිබුණේ සේවා වරායක් ලෙසයි. නමුත් රාජපක්‍ෂ ආණ්ඩුව පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් රට විශාල ණය කන්දක හිර කරලා අසාර්ථක ව්‍යාපෘතියක් කළා.

අසාර්ථක ව්‍යාපෘති වුනත් සාර්ථක කරගැනීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ එම අසාර්ථක ව්‍යාපෘතිවල අඩුපාඩු පෙන්වමින්. එනිසාම ආණ්ඩුව එම ව්‍යාපෘති ලාභ ලබන ව්‍යාපෘති බවට පත්කළ යුතුව තිබුණා.

මේ ආණ්ඩුව අසාර්ථක බංකොළොත් ආණ්ඩුවක් බව එම ආයතන විකුණා දැමීමෙන් ඔප්පු කරලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට රටේ නිෂ්පාදනය දියුණු කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් හදන්න පුළුවන් වෙලා නැහැ. ආණ්ඩුවේ බැරිකම නිසා දිනෙන් දින ණය ගැනීමත් රටේ සම්පත් විකිණීමත් සිදුකරමින් ඉන්නවා.

ආණ්ඩුවට දිගුකාලීන ආර්ථීක දැක්මක් නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව පැවති ආණ්ඩුව වගේම සිදුකරන්නේ රටේ සම්පත් විකිණීමත් ණය ගැනීමත් පමණයි. මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට විකුණන්නේ ආණ්ඩුවේ එම ආර්ථික ප‍්‍රතිපත්තියේම කොටසක් ලෙසයි.

මත්තල ගුවන්තොටුපොළ විකිණීම සිරිපාල ඇමතිවරයාගේ පෞද්ගලික වුවමනාවක් හෝ ඔහුගේ හීන හැබෑ කරගැනීමක් නොවේ. ඒක ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව සිදු කරන්නක්. ආණ්ඩුව 2025 සඳහා ආර්ථික වැඩපිළිවෙළක් එළිදැක්වුවා. එයට අනුව ආසියානු සංවර්ධන අරමුදල සමඟ 2016 ගිවිසුමක් අත්සන් කළා.

ගිවිසුමට අනුව ආණ්ඩුව ආසියානු සංවර්ධන අරමුදලට කොන්දේසි ගණනාවකට එකඟ වෙලා තිබෙනවා. ඉන් ප‍්‍රධාන එකක් වන්නේ ප‍්‍රාග්ධන වෙළඳපොළ ප‍්‍රසාරණය කිරීමයි. එම එකඟතාවයට අනුව තමයි අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනයට යොදවන්නේ.

ඊට අමතරව රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළ සඳහා නිදහස් කිරීමට ලැයිස්තු සකස් කරමින් තිබෙනවා. වරාය, ගුවන්තොටුපොළ විකිණීමත් එම ආර්ථික කි‍්‍රයාමාර්ගවලම කොටසක්. "

කොළබ ඊයේ (24) පැවති මාද්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා මෙසේ දැනුම් දෙනු ලැබුවා.

මත්තල ගුවන් තොටුපල පෞද්ගලිකරණය කිරීම පිළිබඳ විමල් විරවංශ මහතා පසුගිය දිනෙක දැක්වූ අදහස් මෙතනින්