තායිලන්ත ගුහාවේ සිරව සිට බේරා ගත් දරුවන් පැවිදි බිමට ! | Colombocall තායිලන්ත ගුහාවේ සිරව සිට බේරා ගත් දරුවන් පැවිදි බිමට ! - Colombocall

Hot News

තායිලන්ත ගුහාවේ සිරව සිට බේරා ගත් දරුවන් පැවිදි බිමට !






පසුගිය දිනවල ලොවෙහිම අවදානයට ලක්වූ පුවතක් වූයේ තායිලන්තයේ ගුහාවක සිරවූ දරුවන් පිළිබදව පුවතයි. පාපන්දු කණ්ඩායමක දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ පුහුණුකරු මෙලෙසින් ගුහාවක සිරවී සිටියා. කෙසේ වෙතත් මුලු ලෝකයම එක්වී සිදු කළ මෙහෙයුමකින් සිරවී සිටි සියලුම දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුනා.

මේ අතර එලෙසින් ගුහාවක සිරවී සිට දින 18කට පසු නිරුපද්‍රිතව බේරා ගැනුණු දරුවන් තාවකාලිකව පැවිදි කරවීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. තායිලන්තයේ පැවැත්වෙන බෞද්ධ උත්සවයකදී මෙම දරුවන්ගේ හිස බූ ගා අදාළ පිළිවෙත් සඳහා සූදානම් කර තිබේ. මේ අනුව එම දරුවන් දින නවයක් පුරා විහාරයක මහණදම් පුරනු ඇත.

ගුහාවෙන් බේරාගැනුණු පසු ඔවුන් සතියක කාලයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ අතර ඉන්පසුව දින කිහිපයක් විනෝදයෙන් කල්ගෙවීමට සලස්වා තිබුනි. නැවතත් සාමාන්‍ය ජීවීතයට එක් කිරීමට මෙම දරුවන්ට මානසික සුවයක් සහ ශක්තියක් ලබා දීම මෙයට හේතුවයි.

මෙම දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ වඩාත් අවධානය යොමුකරන තායි බලධාරීන් එම දරුවන්ට හා පවුලේ අයට මාසයක පමණ මාධ්‍ය තහනමක් ද පනවා තිබුණි.
ගුහාවේ නිරාහාරව ගෙවී ගිය සති දෙකකට වැඩි කාලය පුරා මෙම දරුවන් අධ්‍යාත්මික සුවතාව පවත්වාගෙන යමින්, ශක්තිය ඉතිරි කරගනිමින්, බලාපොරොත්තුවක් ඇතිව ජීවත් කරවීමට ඔවුන් ලවා භාවනා කරවමින්, ඔවුන් බේරාගන්නා තෙක් රැකබලා ගත්තේ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු වන එකපොල් ය. 
මේ සදහා එකාපොල් දරුවන් සමග භාවනා කරමින් අවශ්‍ය මානසික ශක්තිය ලබා ගෙන තිබුනා.
එම ඡායාරූප කිහිපයක් පහතින්