සුරූපී තරුණියන් සිටි ගණිකා නිවාසයක් වටලයි | Colombocall සුරූපී තරුණියන් සිටි ගණිකා නිවාසයක් වටලයි - Colombocall

Hot News

සුරූපී තරුණියන් සිටි ගණිකා නිවාසයක් වටලයි




දියතලාව යුද හමුදා කඳවුර සමීපයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (23) සවස වැටලීමකට ලක් කොට තිබෙනවා. මෙම ගණිකා නිවාසය යුධ හමුදා ආරක්ෂක විද්‍යා පීඨ‍යේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය බවයි මේ පිළිබද වැඩි දුර තොරතුරු විමසීමේදී අනාවරණය වන්නේ.

මෙම වැටලිමත් සමගම මෙම කාන්තාවද බන්ඩාරවෙල පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගණිකා නිවාසයේ සිටි කාන්තාවන් දෙදෙනා අවුරුදු 17 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන කඩවත හා ආනමඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාව 47 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

සැකකාරිනියන් තිදෙනා අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බදුල්ල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල දූෂන මර්ධන අංශයේ ස්ථානාධිපති වන උප පොලිස් පරීක්ෂක අශෝක හේරත්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් (4904) යසපාල,  (36894) කපිල, පොලිස් කොස්තාපල්වරුන් වන (33695) රවීන්ද්‍ර, (36555) බණ්ඩාර, (51404) සුගත්, (51457) ලියනාරච්චි, (75941) පුෂ්පකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (4396) ශ්‍රියාලතා සහ පොලිස් කොස්තාපල් (80491) මංජුල යන නිලධාරින් මෙම වැටලීම සිදුකිරීමට දායකත්වය ලබා දී තිබෙනවා.