ලංකාවේ සිට දිගම චන්ද්‍රග්‍රහණය දැකගත හැකි දිනය මෙන්න ! | Colombocall ලංකාවේ සිට දිගම චන්ද්‍රග්‍රහණය දැකගත හැකි දිනය මෙන්න ! - Colombocall

Hot News

ලංකාවේ සිට දිගම චන්ද්‍රග්‍රහණය දැකගත හැකි දිනය මෙන්න !





විසිඑක් වැනි සියවසෙහි සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇසළ පුන් පොහෝදා (27) රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. ජුලි 28දා අළුයම දක්වා පැය 6යි විනාඩි 14ක කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

චන්ද්‍රයා පෘතුවිය වටා ගමන් ගන්නා ඉලිප්සාකාර කක්ෂයේ පෘතුවියට දුරින් පිහිටි ස්ථානයක චන්ද්‍රයා පිහිටා ඇති බැවින් වැඩි කාලයක් චන්ද්‍රග්‍රහණය දිස්වනවා. 

එසේ පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 1යි විනාඩි 43ක් දිස්වනු ඇති.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් 27 දා රාත්‍රී 10.45 ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 28දා අළුයම 4.58 දක්වා සිදුවනවා. 28දා අළුයම 1.00 සිට 2.43 දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවනවා.