නෝර්වේජියානු කතකට අතවර කළ සල්ලාල සෙල්ලයියා අත් අඩංගුවට - ධනුශ්කට වසරක තරඟ තහනමක් ! | Colombocall නෝර්වේජියානු කතකට අතවර කළ සල්ලාල සෙල්ලයියා අත් අඩංගුවට - ධනුශ්කට වසරක තරඟ තහනමක් ! - Colombocall

Hot News

නෝර්වේජියානු කතකට අතවර කළ සල්ලාල සෙල්ලයියා අත් අඩංගුවට - ධනුශ්කට වසරක තරඟ තහනමක් !





ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය යන චෝදනාව යටතේ ශ්‍රි ලංකා පිලේ ආරම්භත පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක් පැනවීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) කටයුතු කළා.

මීට හේතුවී තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකදී නෝර්වේජියානු ජාතික කාන්තාවකට බලහත්කාරකම් සිදුකිරීමට යාමේ සිදුවීමකි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව ගුවන්තොටුපල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භකර ඇති අතර, සන්දීප් සෙල්ලයියා නැමති පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවත් ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ වන විට තොරතුරු වාර්තාවනවා.එමෙන්ම විදේශික කාන්තාව කළ පැමිණිල්ලේ දැක්වෙන පරිදි ධනුෂ්ක ගුණතිලකද සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි බවට පැවසෙනවා.අද (23) තරඟය නිමාවීමෙන් අනතුරුව දනුෂ්ක ගුණතිලකගෙන් කෙරෙන ප්‍රශ්න කිරීමකින් පසුව ඔහුට වසරක තරඟ තහනමක් පැනවීමට ඉඩ ඇතැයිද ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

තවද මේ සිදුවීම සම්බන්ධයෙන් දනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු ලෙසින් කටයුතු කරන අසංක නම් පුද්ගලයාටද දෝෂාරෝපණ එල්ලවී ඇති අතර තතු දත් අය පවසන්නේ අදාළ කළමණාකාරු ධනුෂ්ක ගුණතිලකව රාත්‍රී සමාජ ශාලා වලට රැගෙන යමින් කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරන පුද්ගලයෙකු බවයි.

තවද, මෙවන් ක්‍රියා සිදුකිරීම තුළින් ලංකාවේ කීර්ති නාමයට සිදුවන හානියද සුළුපටු නොවන බව කිව යුතු ය.

සන්දීප් සෙලයියා විදේශීය කතුන් සමඟ ඉතා සමීපව ලබාගත් ඡායාරූප ද ඔහුගේ ෆේස්බුක් ගිණුම්,   ඉන්ස්ටග්‍රෑම් ගිණුම් තුළින් දැකගත හැකි වෙනවා.


ඒ අතරින් කිහිපයක් පහතින් නැරඹිය හැකි ය.