ඇමතිවරුන්ගේ විවිධ ප්‍රකාශ පිළිබඳව රුසියාව හා චීනය ලංකාවෙන් ප්‍රශ්න කරයි ! | Colombocall ඇමතිවරුන්ගේ විවිධ ප්‍රකාශ පිළිබඳව රුසියාව හා චීනය ලංකාවෙන් ප්‍රශ්න කරයි ! - Colombocall

Hot News

ඇමතිවරුන්ගේ විවිධ ප්‍රකාශ පිළිබඳව රුසියාව හා චීනය ලංකාවෙන් ප්‍රශ්න කරයි !





චීනය හා රුසියාවේ මෙරට තානාපති කාර්යාල මගින් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට බරපතළ මට්ටමේ කරුණු කාරණා රාශියක් ගැන සඳහන් කරමින් ලිපි දෙකක් එවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

සිය රටවල් පිළිබඳ ශ්‍රී ලංකා අණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද මෙම ලිපි ඔස්සේ ප්‍රශ්ණ කර ඇතැයි සඳහන් වේ.
පසුගිය රජයේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනය ආධාර කළ බවට වාර්තා වූ තොරතුරු පිළිබඳවත්, වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට ඒකබද්ධ විපක්ෂයේ ප්‍රබල දේශපාලන පවුලක තරුණ මන්ත්‍රීවරයෙකුට රුසියාවෙන් මුදල් ලබා දෙන බවටත් කළ ප්‍රකාශය පිළිබඳව පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක්විය.

මෙම කරුණු පිළිබඳව විමසමින් අදාළ රටවල් දෙනෙක් ලිපි එවා ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ඇතිව තිබෙන තත්වය සිතුවාට වඩා බරපතළ බවත්, මේ හේතුවෙන් තමන්ගේ රටවලට මහත් අපකීර්තියත් සිදුවන බවත් එසේ වුවහොත් සිය රට වල ආණ්ඩුත් කරුණු කාරණා දුරදිග රැගෙන යනු ඇති බවත් එම ලිපි වල සඳහන් වී ඇති බවට වැඩිදුරටත් තොරතරු වාර්තාවෙයි.