කිසිදු කපුවකු නොමැති ගලේ දේවාලය පිළිබඳ විශ්මිත හෙළිදරව්ව මෙන්න ! | Colombocall කිසිදු කපුවකු නොමැති ගලේ දේවාලය පිළිබඳ විශ්මිත හෙළිදරව්ව මෙන්න ! - Colombocall

Hot News

කිසිදු කපුවකු නොමැති ගලේ දේවාලය පිළිබඳ විශ්මිත හෙළිදරව්ව මෙන්න !




බස්නාහිර පළාතේ ගම්පහට අයත් මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ වෙල්යායක් මද්‍යයයේ ගලේ දේවාලය පිහිටා තිබේ.කපුමහතකු නොමැති ලංකාවේ එකම දේවාලය ලෙසද මෙය ප්‍රකට වේ.

ගලේ දේවාලය පිලිබඳ මුඛ පරම්පරාගත විවිධ කතාවන් පවතී.මීට වසර විසිපහකට පමණ පෙර මෙහි තිබී ඇත්තේ වර්තමානයේ ද පවතින අශ්ව පිළිරුව හා ගම්භාර දෙවි පිළිමය පමණකි.අතීතයේ කාන්තාවකට දරුඵල හීන වී මෙහි භාරයක් වූ පසු දරු ඵල හිමිවී ඒ සතුටට දිගින් දිගටම පූජා පවත්වා ඇති බවටද කට කතාවක් පවතී.


කෝට්ටේ යුගයේ දී හින්දු දේවවාදය බුද්ධාගම සමග මිශ්‍ර වී පංසල් තුල දේව කුටි ඉදිවිය.එලෙසම වර්තමානයේ ගලේ දේවාල පුදබිමේ බුද්ධ ප්‍රතිමාවක්ද ,බෝ රුකක් ,පහන් වැටවල් ආදිය ද පවතී.

දිවයිනේ බොහෝ දුර බැහැර සිට පවා ජනතාව ගම් වශයෙන් බස්‍ රථ පිරිවරා කෙම්මුර දවස් ලෙස හදුන්වන බදාදා ,සෙනසුරාදා දිනයන්හී රාත්‍රී 09.00 ට දේවාලය වන්දනා කිරීමට උත්සුක වෙයි.මේ අතරින් බොහොමයක් දෙනා තරුණ පිරිස් වීම විශේෂත්වයකි .
අතීතයේ ජනයා අල්ප ගම් ප්‍රදේශයක් වුවත් වර්තමානයේ දේවාලය වන්දනා කිරීමට පැය ගණන් පෝලිමේ සිටීමට සිදුවෙයි.
දේශපාලන ප්‍රභුන්, නළු නිළියන්,ව්‍යාපාරිකයන් මෙන්ම බහුතර සාමාන්‍ය ජනයා හොර රහසේම දේවාලය වන්දනයට පුරුදු වී සිටියි.

ගලේ දේවාලයට හිමි පුංචි සංස්කෘතියක් පවතී.එනම් සුදු වතින් සැරසී සෙනසුරාදා දින හතක්(හැකිනම් බදාදාත් සමග) පළමුව බුදුන් වැද තම ප්‍රාර්ථනය සිතේ තබාගෙන දෙවියන් වන්දනා කිරීමයි.මල් හදුන්කූරුවලට අමතරව බුලත් කොලයක් මත විලද මී පැණි තබා ද ඇතැමෙක් දෙවියන් වන්දනා කරයි.ඉන් පසු (සූනියම් දේව කන්නලව්ව)හත් වතාවක් කියවයි.
(ඇතැමෙකුගේ වන්දනය මීට වෙනස් විය හැකිය)

තම ප්‍රාර්ථනය ඉෂ්ඨ වූ පසු මුලුතැන් බත්,කිරිබත්,බත් පාර්සල් හෝ තමා කැමති දෙයක් දන්සලක් ලෙස බෙදා දෙයි.ඒ සදහා වෙනම ස්ථානයක් ඇත.එම දන්සල සෑම විටම පාහේ පවතී.එනම් කාගේ හෝ ප්‍රාර්ථනයක් ඉෂ්ඨ වී ඇති බවයි.

දේවාල භූමියට ඔබ්බෙන් සනීපාරක්ෂක (වැසිකිළි ) පද්ධතියක් පවතී.දේවාලයේ පැවැත්ම සදහා දායක වන්නේ ප්‍රදේශයේ සමිතියකි.දේවාලයේ දියුණුවට ඔවුන් රුකුලකි.

දේවාලය ආශ්‍රිත හිස් ඉඩම් රථගාල්ය.පුංචි පුංචි කඩ හැම තැනම පවතී.යා යුතු මාර්ගය තරමක් දුෂ්කර උවත් වෙනම ලෝකයකට ගියායැයි හැගීමක් පළමු වන්දනයට සහභාගීවන්නකුට ඇති විය හැකි ය.

මෙම සටහන කියවන ඔබ ප්‍රායෝගිකව අත්දැකීම ලැබීමට නම් එක් වරක් හෝ ගලේ දේවාලය වන්දනා කරන්න සිදු වේවි.
ඔබ ඇතැම්විට ඇසට නොපෙනෙන දෙවියන් විශ්වාස නොකරනවා විය හැක.

නමුත් බොහෝ දෙනකු විශ්වාස කරන මෙම ස්ථානය ඉතා ජනාකීර්ණ ස්ථානයක් බවට පත් වී ඇත්තේ මෙම ස්ථානය පිළිබඳ දැඩි විශ්වාසයෙන් පැමිණෙන බැතිමතුන් නිසා බවත් කිව යුතු ය.

ගලේ දේවාලයේ ඡායරූප කිහිපයක් පහතින් නරඹන්න