පොලිස් නිළධාරීන් හඬවමින් පොලිස් උත්තමාචාර මැද "ඩොලි" අවසන් ගමන් යයි | Colombocall පොලිස් නිළධාරීන් හඬවමින් පොලිස් උත්තමාචාර මැද "ඩොලි" අවසන් ගමන් යයි - Colombocall

Hot News

පොලිස් නිළධාරීන් හඬවමින් පොලිස් උත්තමාචාර මැද "ඩොලි" අවසන් ගමන් යයි



වසර 7 කට වැඩි කාලයක්, අවස්ථා 200 කදී පමණ වෙඩි බෙහෙත් සෙවීමේ කටයුතුවල නිරත වූ  මඩකලපුව පොලිස් විශේෂ අංශයේ  ඩොලී නමැති පොලිස් සුනඛයා මියගොස් තිබෙනවා. නෙදර්ලන්තයේ උපත ලද මෙම සුනඛයා 2011 වසරේ සිට මෙරට වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වුණා.
එමෙන්ම ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ඩොලී නමැති සුනඛයා ආරක්‍ෂක කටයුතු සදහා යොදා ගැනීමද විශේෂත්වයක්. මෙම සුනඛයාගේ අවසන් කටයුතු ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු පොලිස් උත්තමාචාර මැද  (21) මඩකලපුවේදී සිදු කෙරුණා.

පොලිස් සුනඛයන් අතර අති දක්ෂ සුනඛයෙකු වන ඩොලීගෙ අභාවය පිලිබඳ  එහි පැමිණ සිටි පොලිස් නිළධාරීන්ගේ නෙතට කඳුලක් එක් කිරීමට සමත් උණා.