ජනපති හා අගමැතිට නොතීසි | Colombocall ජනපති හා අගමැතිට නොතීසි - Colombocall

Hot News

ජනපති හා අගමැතිට නොතීසි




එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව කූඨ ලේඛණ සකස් කලායැයි පවරා ඇති නඩුව සම්බන්දව සාක්ෂි ලබා දීම සඳහා අගමැතිට හා ජනපතිට අද (24) නොතීසි නිකුත් කරනු ලැබුවා. අද දවසේ අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ක්‍රියා කල බව අධිකරණය විසින් කියා සිටියා.

මෙසේ පෙනී නොසිටීම සම්බන්දව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමකට සහභාගි වීමට ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවයි. ඒ බව අදිකරණ රෙජිස්ටාර්වරයා ද දැනුවත් කර ඇතැයි ඔහු වැඩි දුරටත් දන්වා සිටියා.

මේ අනුව ලබන ඔක්තම්බර් මස 9 වනදා මෙම නඩුව නැවත කැදවීමට නියමිතයි. එදිනට නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පෙනී සිටීම අනිවාර්ය බවයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ.