දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟයෙන් "ජය" ලංකාවට ! | Colombocall දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟයෙන් "ජය" ලංකාවට ! - Colombocall

Hot News

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟයෙන් "ජය" ලංකාවට !







සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 199කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

ලකුණු 490ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. හේරත් කඩුලු 6ක් දවාගැනීමට සමත්වූයේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළේ වසර 12කට පසුවය.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න සම්මාන ලැබීය.