දයාසිරිට නැවතත් ඇමතිකමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මද්යම කාරක සභාව නැවත රැස්වන දිනදී හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරට නැවතත් අමාත්‍ය ධූරයක් ලබා දීමට සාකච්චා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙයි. මින් පෙර එම මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ධුරය ප්රදානය කිරීමට යෝජනා වුවද ඔහු නැවතත් ආණ්ඩුවට එක්වුවහොත් අමාත්‍යධුරයක් හිමිවන බව දැන ගැනීමට ලැබෙනවා. මේ පිලිබදව විමසීමකදී දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය තමන්ට ලැබුණහොත් ජනාධිපතිවරයා සමග එක්ව පක්ෂය යළි ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.