වසරකට විදෙස් ගත ශ්‍රමිකයන් 600 ක් ජීවිතයෙන් සමුගන්න හැටි ! | Colombocall වසරකට විදෙස් ගත ශ්‍රමිකයන් 600 ක් ජීවිතයෙන් සමුගන්න හැටි ! - Colombocall

Hot News

වසරකට විදෙස් ගත ශ්‍රමිකයන් 600 ක් ජීවිතයෙන් සමුගන්න හැටි !






විදෙස්ගත වන ශ්‍රමිකයන්ගෙන් හයසිය දෙනෙකු පමණ වසරකදී ජීවිතක්ෂයට පත්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගන්නා නිවැරදි ක්‍රමවේදය පිළිබඳ හෝ බොහෝ පිරිස් නොදන්නා බවයි. 
ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. විදේශ රැකියා සිදු කිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටළු සහ ඊට විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 
මේ අතර 2015 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගිය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි ෆාතිමා රිස්වා නමැති තරුණිය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව විදේශ සේවා නියුත්කි කාර්යංශය පවසනවා. තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසටයි එම කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. 0112 86 41 36 තොරතුරු දැනුම් දිය හැකි දුරකතන අංකයයි.