"S" තුනක්වත් නැති ශිෂ්‍යයන් 54ක් කොතලාවල ගිහින් | Colombocall "S" තුනක්වත් නැති ශිෂ්‍යයන් 54ක් කොතලාවල ගිහින් - Colombocall

Hot News

"S" තුනක්වත් නැති ශිෂ්‍යයන් 54ක් කොතලාවල ගිහින්





උසස් පෙළ විභාගයේ සම්මාන සාමර්ථ දෙකක් (c-2) සහ සාමාන්‍ය සාමර්ථ එකක් (S-1) යන අධ්‍යාපන පදනමින් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කළ යුතුය යන තීරණය වෙනස් කරමින් සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේදී උසස් පෙළ විභාගයේ එස් තුන (S-3) සුදුසුකම හෝ නොමැති ශිෂ්‍යයන් 54 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපිය සංගමය සඳහන් කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා කියා සිටින්නේ විවද වූ පිරිසකගේ බලපෑම මත මෙය සිදුවී ඇති බව යි. මේ මගින් වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහගත තත්වයක් ඇතිවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.