264 ක් අතුරුදහන් වූ ඉන්දුනීසියා භූ කම්පනයේ විස්තරය මෙන්න ! | Colombocall 264 ක් අතුරුදහන් වූ ඉන්දුනීසියා භූ කම්පනයේ විස්තරය මෙන්න ! - Colombocall

Hot News

264 ක් අතුරුදහන් වූ ඉන්දුනීසියා භූ කම්පනයේ විස්තරය මෙන්න !





ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.4ක අගයකින් යුත් භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබෙනවා. 
ලොම්බොක් දුපතේ පිහිටි ගිනිකන්දක් සහිත රින්ජානි කන්ද තරණය කිරිමට ගිය මෙම පිරිස භුමිකම්පාවත් සමග හටගත් නාය යෑම් හේතුවෙන් එහි සිරවී ඇතැයි බළධාරින් විශ්වාස කරනවා.
කන්දේ පිහිටි මාර්ග ඇහිරි ඇති බැවින් අතුරුදහන්වුවන් සොයා සහන කණ්ඩායම් රැසක් එම ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.
රින්ජානි කන්ද තරණය කිරිම සදහා ගිය සංචාරකයින් 264 දෙනෙක් මෙතෙක් නොපැමිණීම නිසා බළධාරින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටින්නේ.
කෙසේවෙතත් භුම්කම්පාව සිදුවන අවස්ථාවේ රින්ජානි කන්ද තරණය කිරිමට ගිය විදෙස් සංචාරකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් යළි නිරුපද්‍රිතව පැමිණ තිබෙනවා.
මේ අතර භුමිකම්පාව හේතුවෙන් මියගිය පිරිස 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 164ක් වන බව ආරංචි මාර්ග කියා සිටිනවා.