කිරි ගවයින් 20ක් මසට ගෙනියද්දි පොලීසියට මාට්ටු ! | Colombocall කිරි ගවයින් 20ක් මසට ගෙනියද්දි පොලීසියට මාට්ටු ! - Colombocall

Hot News

කිරි ගවයින් 20ක් මසට ගෙනියද්දි පොලීසියට මාට්ටු !





අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් ගවයින් 20 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සමත් වී තිබෙනවා. ඊයේ (25) සවස වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ කළ වැටලිමකදි මෙම ගවයින් 20 දෙනා මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදි එහි සිටි පුද්ගලයින් දෙදෙනා සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති බව ඊච්චන්කුලම පොලිසිය පවසා සිටින්නේ.

මෙම ලොරි රථය අත්අඩංගුවට ගැනීමේදී ලොරි රථය තුළ ගැබිනි එළදෙනුන් ඇතුළු එළ ගවයින් හා මී ගවයින් සිටි බවයි වාර්ථා වන්නේ.

ලොරි රථය තුල පැවති අධික තෙරපීම හේතුවෙන් ලොරි රථය තුළදීම ගවයෙකු ජිවිතක්ෂයට ද පත්වී ඇති බවයි පොලීසිය පවසා සිටින්නේ. මෙම ලොරි රථය හා සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.